Saturday, August 13, 2011

ආදරෙයි මහ ගොඩක්......



මගෙ අතින් අල්ලගෙන
නුඹ බොහෝ දුර ගිහින්
මං හැරී බලන සඳ
මං හිටියේ හිටපු තැන.....

ඇත්තමයි මහ හුඟක්
ආදරෙයි මං නුඹට
මගෙ හිතට කියන කළ
හිනහෙනව හිත මටම....

අතීතේ ඒ ඈත
ආදරේ කෙරුවාට
මගෙ හිතයි - මගෙ පණයි
එයයි අද හැමදාම.....

Tuesday, August 2, 2011

ඇරඹුමක් පමනි...


      ජීවිතේ පටන් ගත්තු දෙයක් ඉවර කරපු කෙනෙක් නෙමෙයි මම.ඒත් මේ බ්ලොග් එක මම අද පටන් ගන්නවා.මට පුලුවන් විදිහට ලියනව.මොනවා ලියන්න පුලුවන් වේවිද කියන්න මම දන්නේ නෑ.ඒත් මටත් ලියන්න දෙයක් තියෙනවා.ලැප්ටොප් එකටයි මොඩම් එකටයි පින්සිද්දවෙන්න මම ලියනවා..මෙච්චර කල් කරේ බ්ලොග් කියවපු එක විතරයි.ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් මහ ගොඩක් තියෙනවා.ඒත් අද ඉදලා මමත් ලියනවා..
පුලුවන් නම් ඇවිල්ලා කියවන්න..
                                           -හිරු කුමරි-